අපගේ දැක්ම

සෑම ඉඩමකටම නිරවුල් හිමිකමක්

අපගේ මෙහෙවර

ඉඩම් නිරවුල් කිරීමේ හා හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය තුළින් රජයේ හා පෞද්ගලික ඉඩම් අයිතිය තීරණය කොට, සෑම බිම් කොටසකටම හිමිකම තහවුරු කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ දියුණු ඉඩම් කළමනාකරණ ක්‍රමයකට දායක වීම.

 

අපගේ අරමුණු

  • 1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ රජයේ හා පුද්ගලික ඉඩම් අයිතිය තීරණය කිරීම.
  • 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නිලධාරීන් හා ප්‍රජාව දැනුවත් කිරීම දේපල විමර්ශන හා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛන විමර්ශනය සිදු කිරීම, හිමිකම් අයඳුම්පත් කැඳවීම, හිමිකම් විමර්ශන පැවැත්වීම, නිර්දේශ කිරීම, අනුමත කිරීම හා හිමිකම් තීරණය කිරීම හා රජයේ ගැසට් පත්‍රය මගින් එකී තීරණ ප්‍රසිද්ධියට පත් කිරීම.
  • ආයතනික හැකියාව ශක්තිමත් කිරීම මගින් හිමිකම් විර්ශන සහ තීරණය කිරීමේ කටයුතු හා ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීම.
  • මනා ක්‍රියාකාරිත්වයකින් යුත් හිමිකම් විමර්ශන කාර්යාල ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යාම මගින් හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම
  • හිමිකම් විමර්ශන සහ තීරනය කිරීමේ කටයුතු වල සියළු අවස්ථාවන් සඳහා මහජන සහයෝගය ලබා ගැනීම සහ මහජන විශ්වාසය තහවුරු කරගැනීමට යටයුතු කිරීම.
  • ඉඩම් අයිතිය පිළිබඳ කාර්යක්ෂම සහ විශ්වාසනීය තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
  • කාර්යක්ෂම පරිපාලන සහ ගිණුම් ක්‍රම පවත්වාගෙන යාම.


Sun
Mon
Tue
Wed
Thu
Fri
Sat